හානිකර නොවූ පුරස්ථී ග්‍රන්ථිය විශාල වීම

විශාල වූ පුරස්ථී ග්‍රන්ථියක් නිසා පහත රෝග ලක්ෂණ ඇති වේ:

  • මුත්‍රා කිරීම ආරම්භ කිරීමේ අපහසුතාව
  • මුත්‍ර පහ කිරීම සඳහා අධික ලෙස තැටමීම
  • දුර්වල මුත්‍ර ප්‍රවාහයක් පැවතීම
  • නවත්ව නවත්වා මුත්‍රා පහ කිරීම
  • මුත්‍ර කිරීමේ හදිසි අවශ්‍යතා ඇති වීම හා/හෝ වාර ගණන වැඩි වීම
  • රාත්‍රියේදී මුත්‍ර පහ කිරීමට නිරන්තරයෙන් අවශ්‍ය වීම නිසා නින්දෙන් අවදි වීම
  • අහම්බයෙන් මුත්‍රා කාන්දු වීම (මුත්‍රා පහ කිරීම පිළිබඳ ස්වයං පාලනය නැති වීම)

මුත්‍ර කාන්දු වීම ඔබට හදිසියේ මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී වැසිකිළියකට යන තෙක් මුත්‍රා රඳවා තබා ගැනීමට නොහැකි වීම නිසා ඇති විය හැක. මෙය මුත්‍රා පහ කිරීම පිළිබඳ ස්වයං පාලනය නැති වීම ( අර්ජ් ඉන්කොන්ටිනෙන්ස් -urge incontinence) ලෙස හැඳින්වෙයි. ඔබ තටමන විටද, උදාහරණ වශයෙන් කහින විට, කිවිසුම් යවන විට හෝ බරැති යමක් උසුලන විට මුත්‍රා කාන්දු වීම සිදු විය හැක. මෙය ආතතිය නිසා ඉබේ මුත්‍රා පිටවීම (ස්ට්‍රෙස් ඉන්කොන්ටිනෙන්ස් - stress incontinence) ලෙස හැඳින්වෙයි. මුත්‍ර කාන්දු වීමේ සූලබම ආකාරය නම් ඔබ මුත්‍ර පහ කිරීමෙන් පසුව ඔබේ යට ඇඳුම තුළට මුත්‍රා සුළු ප්‍රමාණයක් සෙමින් ගලා ඒමයි.

වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවලදී ද?

මෙම පිටුවේ දැක්වුන කුමන හෝ රෝග ලක්ෂණයක් ඔබට ඇති වුවහොත් ඔබේ වෛද්‍යවරයා හමුවන්න. රෝග ලක්ෂණ උග්‍ර නොවුනත්, ඒවා පරීක්ෂාවට ලක් කළ යුතු තත්ත්ව නිසා ඇතිවන ඒවා විය හැක. මුත්‍ර වල රුධිරය අඩංගු වීම වඩා බරපතල තත්ත්වයන් බැහැර කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු වෙයි.